Loading..

ලබන සතියේ පාර්ලිමේන්තුවේ ලොකු පිල් මාරුවක්

පසුගියදා 28 වනදා කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී පාර්ලිමේන්තුව ලබන 4 වනදා සිට 7 වනදා දක්වා රැස්වීමට තීරණය කර තිබේ.

එහිදී කාන්තාවන් සවිබල ගැන්වීමේ පනත් කෙටුම්පත දෙවනවර කියවීමේ විවාදය ජුනි 4, ‘අධ්‍යාපන ක්ෂේත්‍රයට අදාළව පවතින ගැටලු’ පිළිබඳ සභාව කල්තැබීමේ විවාදය ජුනි 5, ශ්‍රී ලංකා විදුලිබල පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදය ජුනි 6, පැවැත්වීමට නියමිතය.

මේ අතර විශ්වාස කටයුතු දේශපාලන ආරංචිමාර්ග පවසන්නේ එම සතිය තුළදී විපක්ෂයේ තිදෙනෙක් ආණ්ඩු පක්ෂය හා එක්වීමට සූදානමින් පවතින බවයි.

ඒ ආරංචිවලට අනුව ඔවුන් ඉන් අනතුරුව විශේෂ මාධ්‍ය හමුවක් කැඳවා රට හමුවේ කරුණු දැක්වීමට නියමිතව ඇති බවද පැවසේ.

The post ලබන සතියේ පාර්ලිමේන්තුවේ ලොකු පිල් මාරුවක් appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/0lPqerY
via IFTTT
أحدث أقدم

Top Post Ad


උණුසුම් පුවත්.