රාජ්‍ය සේවයේ විධායක සේවා නිලධාරීන්ට මෙතෙක් සේවා කාලය මත පදනම්ව ගෙවන ලද විශේෂ දීමනාව වෙනුවට සේවා කාලය නොසලකා රුපියල් 25,000ක විශේෂ මාසික දීමනාවක් ගෙවීමට තීරණය කර තිබෙනවා.
මේ සම්බන්ධයෙන් වන යෝජනාවට පසුගියදා(24) කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
එයට අදාළ චක්‍රලේඛය රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා පළාත් පාලන අමාත්‍යංශය විසින් නිකුත් කර ඇති බව සඳහන්.
මෙම දීමනාව ශ්‍රී ලංකා ඉංජිනේරු සේවයේ, ශ්‍රී ලංකා වාස්තු විද්‍යාඥ සේවයේ සහ ශ්‍රී ලංකා මිනින්දෝරු සේවයේ නිලධාරීන්ට ද හිමි වෙයි.
ඊට අදාළ චක්‍රලේඛ විධිවිධාන 2024.07.01 දින සිට ක්‍රියාත්මක වෙන බවද දැනුම්දෙයි.


The post රාජ්‍ය සේවයේ නිළධාරීන් පිරිසකට රුපියල් 25,000ක මාසික දීමනාවක් ලබාදීමට තීරණයක් appeared first on TODAY NEWS LK.
from TODAY NEWS LK https://ift.tt/EASJGVX
via IFTTT

