Loading..

නින්ද කැඩූ තරහට පොලිස් කොස්තාපල් සහයක පොලිස් කොස්තාපල්ට වෙඩි තබන්න හදලා

කහතුඩුව පොලීසියේ තනිකඩ භට නිවාසය තුළදී පොලිස් කොස්තාපල්වරයකුට වෙඩිතැබීමට තැත්කළ තවත් පොලිස් කොස්තාපල්වරයෙක්ව දැඩි පරිශ්‍රමයක් දරා අත්අඩංගුවට ගත් බව කහතුඩුව පොලීසිය පවසයි.

සැකකරු සන්තකයේ තිබූ පිස්තෝල ගිනි අවියක් සහ ජීව උණ්ඩයක් ද පොලිස් භාරයට ගෙන තිබුණි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ආධුනික පොලිස් කොස්තාපල්වරයෙකි.

අනෙක් පොලිස් කොස්තාපල්වරයා 17 වනදා රාත්‍රී දුරකථන ක්‍රියාකරු ලෙස රාජකාරීයේ යෙදී සිට ඇති අතර පසුදින (18) අලුයම 5.40 ට පමණ පුද්ගලයන් දෙදෙනකු පැමිණිල්ලක් කිරීම සඳහා පොලිස් ස්ථානය තුළට පැමිණ තිබුණි.

ඒ අවස්ථාවේ උප-සේවක ලෙස රාජකාරියේ යෙදී සිටි සැකකාර ආධුනික පොලිස් කොස්තාපල්වරයා උප-සේවක පුටුව මත නිදාගෙන සිට ඇතැයි පොලීසිය පවසයි.  

ඔහුව අවදි කිරීම සඳහා අනෙක් නිලධාරියා අවස්ථා කීපයකදීම කතා කර ඇතත් ඔහු අවදි නොවීම හේතුවෙන් හිසට පහරක් ගසා වතුරද වක්කර ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

පසුව ඒ බව දුරකථන ක්‍රියාකරු විසින් රාත්‍රී රාජකාරිය භාරව සිටි පොලිස් සැරයන්වරයෙකුටද දැනුම් දීමෙන් අනතුරුව ඔහු විසින් අදාළ පුද්ගලයන් දෙදෙනාගේ පැමිණිල්ල ලියා  අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් පොතේ සටහනක් ද තබා ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

පසුව මේ සම්බන්ධයෙන් දුරකථන ක්‍රියාකරු ලෙස කටයුතු කළ කොස්තාපල්වරයා සහ සැකකාර කොස්තාපල්වරයා අතර බස්වීමක්ද සිදුවී තිබේ

පසුව දුරකථන ක්‍රියාකරු ඔහුගේ නවාතැන කරා පිටව ගොස් තිබූ බව පොලීසිය කියයි.

රාත්‍රී ජංගම රාජකාරී නිමාකළ පොලිස් සැරයන්වරයෙකු ගෙනවිත් භාරදී තිබූ පිස්තෝල ගිනි අවියක් සැකකාර පොලිස් නිලධාරියා අවි පෙට්ටියට නොදමා ඔහු සන්තකයේ තබාගෙන අනෙක් නිලධාරියා රැඳී සිටින නිවාසය වෙත ගොස්  එම නිලධාරියාට පරුෂ වචනයෙන් බැන වැදීමින් වෙඩිතැබීම සඳහා ගිනි අවිය ක්‍රියාත්මක කිරීමට උත්සාහ දරා තිබේ.

ඒ සමඟම දිවා රාජකාරී සඳහා පිටවීමට සූදානම් වෙමින් සිටි වෙනත් කොස්තාපවරුන් දෙදෙනකු සැකකාර කොස්තාපල්වරයා වෙත කඩා පැන ඔහු සතුව තිබූ ගිනි අවිය උදුරා ගැනීම හේතුවෙන් සිදුවීමට ගිය ජීවිත හානියක් වැළකී ගිය බව පොලිස් නිලධාරියකු පැවසීය.

The post නින්ද කැඩූ තරහට පොලිස් කොස්තාපල් සහයක පොලිස් කොස්තාපල්ට වෙඩි තබන්න හදලා appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/9NCsSHW
via IFTTT
أحدث أقدم

Top Post Ad


උණුසුම් පුවත්.