මංකිපොක්ස් නමින් හඳුන්වනු ලැබූ mpox නම් වෛරසය වැළඳුනු දකුණු අප්‍රිකාවේ තවත් පුද්ගලයෙක් මියගොස් තිබෙනවා.
විදෙස් මාධ්‍ය පවසන්නේ එලෙස මිය ගොස් අත්තේ මෙම රෝගී තත්ත්වයෙන් පැය 24ක් තුළ මියගිය දෙවැනි පුද්ගලයා බවයි.
මියගිය පුද්ගලයින් දෙදෙනා වයස අවුරුදු 37 සහ 38 හැවිරිදි වියේ පසුවූවන් බව සඳහන්.
මේ දක්වා එරටින් 2024 වසරේදී ආසාදිතයින් 6 දෙනෙක් හමුවී ඇති බව එරට සෞඛ්‍ය බලධාරීන් පවසනවා.
සමීප සම්බන්ධතා හරහා සම්ප්‍රේෂණය වන වෛරස් ආසාදනයක් වන මෙම රෝගී තත්වයෙහි ලක්ෂණ ලෙස උණ, හිසරදය, ඉදිමීම්, පිටුපස වේදනාව, මාංශ පේශි කැක්කුම හඳුනාගෙන තිබෙනවා.


The post ලොවම බියට පත් කරමින් තවත් බියකරු වෛරස් ලෙඩක් හිස ඔසවයි appeared first on TODAY NEWS LK.
from TODAY NEWS LK https://ift.tt/BRvDnMA
via IFTTT

