Loading..

සියල්ලන්ට ස්තූතිය පළ කරමින් ජනපතිගෙන් විශේෂ ෆේස්බුක් සටහනක්

තමන් සමග සිටි සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ස්තූතිය පළකරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

සිය ෆේස්බුක් ගිණුමේ ඊයේ(29) රාත්‍රියේ විශේෂ සටහනක් තබමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර තිබේ.

එම ෆේස්බුක් සටහන පහතින්.

“මෙම ගමනේ දී මා සමග සිටි සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ස්තූතිවන්ත වෙන්න කැමතියි. මුලසිටම මා සමග සිටි අයට විශේෂයෙන්ම කියන්න ඕනේ ඔබේ සහාය නිසා තමයි අපි සාර්ථක ආරම්භයක් ලබා ගත්තේ. රට දරුණු අර්බුදයක සිටිය දී පුරවැසියන් බලශක්තිය, ඉන්ධන, ඖෂධ සහ අත්‍යාවශ්‍ය දෑ නැතිව අරගල කරද්දි ඔබ මා ගැනත් මගේ සැලැස්ම ගැනත් විශ්වාස කළා. ජයගත නොහැකියි කියලා සමහරු විශ්වාස කළ අභියෝග හමුවේ ඔබගේ කැපවීම සහ විශ්වාසය අපිව දිරිගැන්වුවා.

ඒ වගේම අපේ ප්‍රගතිය දැකලා වෙනසේ කොටස්කරුවන් වීමට තීරණය කරලා මේ ගමගේ අතරමගදී අපිට එකතුවුණු මන්ත්‍රීවරුන්ටත් මම ස්තූති කරන්න කැමතියි.මේ සමග අප සමග එක්වන අයව අපි සාදරයෙන් පිළිගන්නවා. ඔබේ සහාය අපේ ගමන් මගේ සාර්ථකත්වය ගැන ඔබ තුළ ඇති විශ්වාසය ලෝකයටම පෙන්නනවා.පක්ෂ දේශපාලනය පසෙකලා එක්ව කටයුතු කිරීමේ වැදගත්කම ඔබ තේරුම් ගෙන තිබෙනවා. එකට එක්ව අපිට තව බොහෝ දෑ කළ හැකියි. තවමත් අප සමග එක්නොවූ මන්ත්‍රීවරුන්ට මම කියන්න ඕනෙ අපි ඔබවත් මේ ගමනේ කොටස්කරුවන් කරගැනීමට සූදානම්.

සමෘද්ධිමත් එක්සත් ශ්‍රී ලංකාවක් ගොඩනැගීමේ අපේ මෙහෙවර තවමත් සිදුවෙමින් පවතිනවා. එය යථාර්තයක් බවට පත්කිරීමට කැමති සෑම කෙනෙක්ම අපිට අවශ්‍යයි.අපේ රටේ අනාගතය වෙනුවෙන් ඔබේ කැපවීමට සහ ඒ වෙනුවෙන් නිවැරදි තීන්දු තීරණ ගැනීමට ඇති ඔබේ ධෛර්ය ගැන අවසාන වශයෙන් ඔබට ස්තූතිවන්ත වෙන්න කැමතියි.

The post සියල්ලන්ට ස්තූතිය පළ කරමින් ජනපතිගෙන් විශේෂ ෆේස්බුක් සටහනක් appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/KpYWztE
via IFTTT
أحدث أقدم

Top Post Ad


උණුසුම් පුවත්.