Loading..

ජනාධිපති අපේක්ෂකයෙකුව දැරූ තනතුරින් ඉවත් කරයි

මධ්‍යම පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සමාජිකයෙකු වශයෙන් කටයුතු කරමින් සිටි කිර්ති වික්‍රමරත්න මහතා කිසිදු පුර්ව දැනුම් දිමකින් සහ අවසරයකින් තොරව 2024 ජනාධිපතිවරණයේ අපෙක්ෂකයෙකු වශයෙන් ඉදිරිපත් විම නිසා ඔහුව ඉවත් කිරීමට තීරණය කර තිබෙනවා.

මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යු. ගමගේ මහතා විසින් එම තීරණය ගෙන ඇත.

මධ්‍යම පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සමාජිකයෙකු වශයෙන් කටයුතු කල කිර්ති වික්‍රමරත්න මහතා මෙවර ජනාධිපතිවරණයේ අපෙක්ෂකයෙකු වශයෙන් ඉදිරිපත් වි ඇති බවට මහනුවර දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයේ නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස්වරයා විසින් ලිඛිතව මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා වෙත දැනුම් දී ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව කරන ලද දැනුම්දිමක් මත ආණ්ඩුකාරවරයා විසින් කිර්ති වික්‍රමරත්න මහතාව මධ්‍යම පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභා සාමාජිකත්ව තනතුරෙන් ඉවත් කල බවට ලිඛිතව දැනුම් දි ඇත.(source – lankacnews)

The post ජනාධිපති අපේක්ෂකයෙකුව දැරූ තනතුරින් ඉවත් කරයි appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/BEJlwGn
via IFTTT
أحدث أقدم

Top Post Ad


උණුසුම් පුවත්.