Loading..

තවත් පොහොට්ටු ප්‍රබලයෙකුට පොහොට්ටුව එපා වෙයි! පරිවාර සේනාව සමඟ රනිල් සොයා එයි!

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ දිගාමඩුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විමලවීර දිසානායක මහතා, එළැඹෙන ජනාධිපතිවරණයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පල කිරීමට තීරණය කර තිබේ. 

මල්පාරේ පිහිටි පක්ෂ කාර්යාලයේ දී ඒ මහතා ජනාධිපතිවරයා මුණ ගැසී ඇති අතර, තමන් ජනාධිපතිවරයාට සහාය දීමට ඉදිරිපත් වන බව එහිදී ප්‍රකාශ කර තිබේ.  

ඒ මහතා සමඟ එම අවස්ථාවට උහන ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති උපුල් ප්‍රියන්ත, හිටපු උප සභාපති ජගත් දේශප්‍රිය, දෙහිඅත්තකණ්ඩිය ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සුගත් ජාතුංගආරච්චි, මහඔය ප්‍රාදේශීය සභවේ හිටපු සභාපති ඉන්දික නිලන්ත යන මහත්වරුන් ඇතුළු පොදු ජන පෙරමුණ නියෝජනය කරන පළාත් පාලන නියෝජිතයන් රැසක් එක්ව සිටියහ.

The post තවත් පොහොට්ටු ප්‍රබලයෙකුට පොහොට්ටුව එපා වෙයි! පරිවාර සේනාව සමඟ රනිල් සොයා එයි! appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/ZoENxi7
via IFTTT
أحدث أقدم

Top Post Ad


උණුසුම් පුවත්.