Loading..

වසර 26ක ක්‍රිකට් ඉතිහාසය වෙනස් කිරීමට සැරසෙන ශ්‍රී ලංකා කණ්ඩායම

ශ්‍රී ලංකාව සහ එංගලන්තය සමග පැවැත්වෙන තෙවැනි ටෙස්ට් තරගයේ එංගලන්ත කණ්ඩායමේ දෙවැනි ඉනිම ලකුණු 156කට සීමා කරන්නට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වුණා.

ඒ අනුව තරගය ජයග්‍රහණය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 219ක ඉලක්කයල් හිමි විය.

දෙවැනි ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම තෙවන දිනය සඳහා තරගය නතර කරන විට එක් කඩුල්ලක් දැවි ලකුණු 94ක් ලබා ගැනීමට සමත් වුණා.

දිනය නිමා වන විට කඩුල්ලේ රැදී සිටි පැතුම් නිස්සංක ලකුණු 53ක් හා කුසල් මෙන්ඩිස් ලකුණු 30ක් රැස් කිරීමට සමත්ව සිටියේය.

ශ්‍රී ලංකා කණ්ඩායමට ජයග්‍රහණය සඳහා තවත් ලකුණු 125ක් අවශ්‍ය වේ.

මෙම ටෙස්ට් තරගය ජය ගැනීමට හැකි වුවහොත් ශ්‍රී ලංකා කණ්ඩායමට වසර 26කට පසු ඕවල් ක්‍රීඩාංගණයේදී ටෙස්ට් තරගයක් ජය ගැනීමට අවස්ථාව උදා වෙයි.

The post වසර 26ක ක්‍රිකට් ඉතිහාසය වෙනස් කිරීමට සැරසෙන ශ්‍රී ලංකා කණ්ඩායම appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/g5rG2NY
via IFTTT
أحدث أقدم

Top Post Ad


උණුසුම් පුවත්.