Loading..

ඡන්දෙන් පස්සේ බලාගමු! ප්‍රාදේශීය ලේකම්වරයෙකුට බලවතෙක්ගෙන් තර්ජනයක්!

නුවරඑළිය ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ ඉඩමක් ලබාදෙන ලෙස මධ්‍යම පළාත් හිටපු ආණ්ඩුකාරිනී නිලූකා ඒකනායකගේ සැම්යා නුවරඑළිය ප්‍රාදේශීය ලේකම්වරයාට තර්ජනය කර ඇත.

මේ සම්බන්ධයෙන් ඔහු නුවරඑළිය පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

නිලූකා ඒකනායක මධ්‍යම පළාතේ ආණ්ඩුකාරවරිය ලෙස සිටියදී නුවරඑළිය ග්‍රෙගරි වැව ආසන්නයේ රජයේ ඉඩමක් අනවසරයෙන් අත්පත්කරගෙන පරිහරණය කර ඇත.පසුව එම ඉඩම ඔවුන් නුවරඑළිය මහ නගර සබාවේ හිටපු නගරාධිපතිවරයෙකුට සූක්ෂම ලෙස ලිපි ගොණු සකසා විකුණා තිබේ.

එම ඉඩම වෙනුවට අඹේවෙල ප්‍රදේශයෙන් අක්කරයක රජයේ ඉඩමක් ලබාදෙන ලෙස හිටපු ආණ්ඩුකාරවරිගේ සැමියා නුවරඑළිය ප්‍රාදේශීය ලේකම්වරයාට දැනුම්දී ඇත.

නමුත් අදාල ඉඩම නොලැබීම නිසා කෝපයට පත්ව හිටපු ආණ්ඩුකාරවරිගේ සැමියා ප්‍රාදේශීය ලේකම්වරයාට දුරකථනයෙන් තර්ජනය කර තිබේ.(source – aruna)

The post ඡන්දෙන් පස්සේ බලාගමු! ප්‍රාදේශීය ලේකම්වරයෙකුට බලවතෙක්ගෙන් තර්ජනයක්! appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/mjX1OP5
via IFTTT
أحدث أقدم

Top Post Ad


උණුසුම් පුවත්.