සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනය විසින් අගෝස්තු මාසයට අදාළ තම ජනමත සමීක්ෂණයේ ප්‍රතිඵල වාර්තාව නිකුත් කර තිබෙනවා.
එම නව වාර්තාවට අනුව ප්‍රධාන අපේක්ෂයින් තිදෙනා අතර පැවති තරගය තවදුරටත් තියුණු වී තිබෙනවා.
එම සමීක්ෂණ වාර්තාව අනුව අනුව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ඉදිරියෙන් පසුවුවද ඔහුට පළමු මනාපයෙන් හිමිව ඇත්තේ 36%ක ප්‍රතිශතයකි.
සජිත් ප්‍රේමදාස මහතාට 32%ක් ලෙස රනිල් වික්‍රමසිංහ මහතාට 28%ක් ලෙස ජනතාවගේ ඡන්දය ප්‍රකාශ කිරීමේ අභිප්‍රාය දැක්වෙයි.
පසුගිය මාර්තු මාසයේ සිට අගෝස්තු මාසය දක්වා කාලය සැලකීමේදී අනුර කුමාර දිසානායක, සජිත් ප්‍රේමදාස හා නාමල් රාජපක්ෂ යන ප්‍රධාන අපේක්ෂකයින් තිදෙනාගේම ප්‍රතිශතවල සුළු අඩුවීම් දැකිය හැක.
නමුත් රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රතිශතයෙහි පමණක් අඛණ්ඩ වර්ධනයක් පෙන්නුම් කරයි.




The post ජනාධිපතිවරණය පිළිබඳ නවතම මැතිවරණ සමීක්ෂණයෙහි ප්‍රතිඵල නිකුත් වෙයි! ප්‍රධාන අපේක්ෂකයින් තිදෙනා අතර තියුණු සටනක්! appeared first on TODAY NEWS LK.
from TODAY NEWS LK https://ift.tt/XAxypzm
via IFTTT


