හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂාව ඉවත්කර ඇති බවට පුවතක් සමාජ මාධ්‍ය පුරා පැතිර යමින් පවතී.
නමුත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළේ පැතිර යන ප්‍රචාර සම්පූර්ණයෙන්ම අසත්‍ය බවයි.
163 දෙනෙකු මේ වනවිටත් ආරක්ෂාවට සිටින බව ඔහු සඳහන් කළේ ය.
පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් 50 දෙනෙකු, ප්‍රභූ ආරක්ෂක නිලධාරීන් 06 දෙනෙකු සහ ස්ථාන මාරුවීම් ලද නිලධාරීන් පිරිසක් ඒ අතරට ඇතුළත් වේ.
කෙසේ වෙතත් හිටපු ජනාධිපතිවරයාට ලබාදිය යුතු නිලධාරීන් ගණන කඩිනමින් තීරණය කර ඔහු වෙනුවෙන් හිටපු ජනාධිපතිවරුන්ගේ 08 වැනි ආරක්ෂක ඒකකය ස්ථාපිත කිරීමට බලාපොරොත්තු වන බවද ඔහු මෙහිදී සඳහන් කළේය.
The post හිටපු ජනපති රනිල්ගේ ආරක්ෂාව ඉවතට ? පොලීසියෙන් විශේෂ ප්‍රකාශයක්! appeared first on TODAY NEWS LK.
from TODAY NEWS LK https://ift.tt/QM5FO42
via IFTTT


