නීතිවිරෝධී අයුරින් විදේශයකින් මෙරටට ගෙන්වා එකලස් කරන ලද සුඛෝපභෝගි මෝටර් රථයක් භාවිතකිරීමේ චෝදනාවට අදාළව අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා නොවැම්බර් මස 7 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
මිරිහාන පොලිසිය මගින් අත්අඩංගුවට ගනු ලැබූ ලොහාන් රත්වත්තේ ඊයේ (31) සවස මිරිහාන පොලිස් ස්ථානයේ සිට නුගේගොඩ වැඩබලන මහේස්ත්‍රාත්වරයා හමුවට රැගෙන ආවේය.
තිවිරෝධී ලෙස එකලස්කළ සුඛෝපභෝගී මෝටර් රථයක් සිය පරිහරණය සඳහා යොදාගත් බවට එල්ලවූ සැකයක් මත හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා අද දහවල් මිරිහාන පොලීසිය විසින් මහනුවර, කටුගස්තොට ප්‍රදේශයේදී අත්අඩංගුවට ගනු ලැබීය.
හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්ත මහතාගේ බිරිඳ වන ශෂී ප්‍රභා රත්වත්තේ මහත්මියට අයත් මිරිහාන ඇඹුල්දෙණිය සාලාව පාරේ තෙමහල් නිවසක අංක තහඩු නොමැති සුඛෝපභෝගී මෝටර් රථයක් ගාල්කර ඇති බවට පොලිස් මූලස්ථානයට ලැබුණු තොරතුරක් මත මිරිහාන පොලිසීය නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් පසු පසුගිය 26 වැනිදා අදාළ නිවසට ගොස් එම රථය පරීක්ෂාවට ලක්කළේය.
එහිදී අනාවරණය වී තිබුණේ හිටපු අමාත්‍යවරයාගේ බිරිඳගේ මව අදාළ නිවසේ පදිංචිව සිටින අතර සති 03කට පමණ පෙර රත්වත්තේ මහතාගේ පෞද්ගලික ලේකම්වරයා ප්‍රශ්නගත මෝටර් රථය එම නිවසේ ගරාජයට ගෙනවිත් ගාල්කර ඇති බවයි.
ඉකුත් 20 වනදා කටුගස්තොට ප්‍රදේශයේ පිහිටි ලොහාන් රත්වත්තේ මහතාගේ කාර්යාලයේදී වෙඩි වැදී මියගොස් සිට ඇත්තේ එම පෞද්ගලික ලේකම්වරයා බව ද විමර්ශනවලදී අනාවරණය වී තිබුණි.
පසුව මෝටර් රථය සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය අමාත්‍යවරයාගෙන් සහ ඔහුගේ බිරිඳගෙන් පොලීසීය ප්‍රකාශ ලබාගත්තේය.
අනතුරුව රසපරීක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අදාළ රථය පරීක්ෂා කර තිබූ අතර එහිදී අනාවරණ වී ඇත්තේ, අදාළ මෝටර් රථය කොටස් තුනකට වෙන්කර රේගුව හරහා මෙරටට විදේශයකින් ගෙන්වා ඇති බවයි.
අනතුරුව මෙරටදී එම රථය එකලස් කර ඇති බවත් එම රථය හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්ත මහතා විසින් භාවිත කර ඇති බවත් පොලිස් විමර්ශනවලදී අනාවරණ වී තිබේ.
එම විමර්ශන සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නීතීඥ නිහාල් තල්දූව මහතා පැවසුවේ,
“වාහනයේ විමර්ශන කටයුතු සඳහා ප්‍රමාණවත් සහායක් ලැබෙන්නේ නෑ මේ අමාත්‍යවරයාගෙන්. රස පරීක්ෂකවරයාගේ වාර්තාව අනුව එහි තියෙන අංක ව්‍යාජ අංක හෝ කොටන ලද අංක බවට අනාවරණය වෙනවා. රේගුවෙන් පරීක්ෂා කිරීමේදී එවැනි වාහනයක් ආනයනය කළ බවට වාර්තා වෙන්නේ නෑ. ඒ වගේම මෝටර් රථ වාහන ලියාපංචි කිරීමේ දෙපාර්තමේන්තුවෙන් අනාවරණ වෙන්නේ නෑ එය ලියාපදිංචි කරලා කියලා…”
The post හිටපු ඇමති ලොහාන්ව රිමාන්ඩ් කරයි! විමර්ෂනයේදී ලොහාන් සැඟවූ කරුණු රැසක් හෙළි වෙයි! appeared first on TODAY NEWS LK.
from TODAY NEWS LK https://ift.tt/ZGRcK4X
via IFTTT

