Loading..

තියුණු සටනකින් අනතුරුව ශ්‍රී ලංකා කණ්ඩායමට පරාජය උරුම වෙයි

දඹුල්ලේ දී ඊයේ (10) අවසන් වූ දෙවැනි හා අවසන් විස්සයි20 ක්‍රිකට් තරගයෙන් නවසීලන්ත කණ්ඩායම හමුවේ ලකුණු 5ක තියුණු පරාජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුවිය.

ඒ අනුව තරග 2-0ක තරගාවලි ජයක් තහවුරු කරගැනීමට අවස්ථාව හිමිව තිබූ ශ්‍රී ලංකාවට, තරග 1-1ක් ලෙස අවසන් කරගැනීමට සිදුවිය.

අද තරගය ජයගැනීමට ශ්‍රී ලංකාවට හැකිවූවානම්, නවසීලන්තයට එරෙහිව වසර 11කට පසු විස්සයි20 තරගාවලියක් ජයගැනීමට හැකියාව තිබුණි.

අවසන්වරට ඔවුන් නවසීලන්තයට එරෙහිව විස්සයි20 තරගාවලියක් ජයගෙන සිටියේ 2013 වසරේදීය.

එයද ශ්‍රී ලංකාවේදීමය.

ඒ හැරෙන්න එම තරගාවලියෙන් අනතුරුව නවසීලන්තයේ මෙන්ම ශ්‍රී ලංකාවේ පැවැත් වූ සෑම තරගාවලියක්ම (තරගාවලි 4) ජයගැනීමට සමත් වූයේ නවසීලන්තය යි.

මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් නවසීලන්තය පන්දුවාර 19.3කදී සියලු දෙනා දැවී ලකුණු 108ක් රැස්කිරීමට සමත් විය.

කෙසේ නමුත් ඊට පිළිතුරු ලෙස ශ්‍රී ලංකාවට පන්දුවාර 19.5කදී සියලු දෙනා දැවී රැස්කළ හැකිවූයේ ලකුණු 103ක් පමණි.

The post තියුණු සටනකින් අනතුරුව ශ්‍රී ලංකා කණ්ඩායමට පරාජය උරුම වෙයි appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/i5GnApH
via IFTTT
أحدث أقدم

Top Post Ad


උණුසුම් පුවත්.