නිරූපන ශිල්පිණී පියුමි හංසමාලි සහ අවුරා ලංකා සමාගමේ සභාපති විරංජිත් තාඹුගල යන දෙදෙනාට එරෙහි විමර්ශන කඩිනම් කරන ලෙස දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත්වරයා ඊයේ (11) නියෝග කර තිබෙනවා.
දේශීය ආදායම් දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ ගොනුකර තිබූ නඩුවක් ඊයේ නැවත කැඳවූ අවස්ථාවේදී කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ මහතා මෙම නියෝගය ලබා දුන්නා.
දේශීය අදායම් පනතේ 190 වගන්තිය ප්‍රකාරව එම දෙදෙනා බදු පනතට අදාළ වැරදි සිදුකර තිබේද යන්න විමර්ශනය කිරීම සඳහා නියෝගයක් ලබා දෙන ලෙසට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් එම නඩුව ගොනු කර තිබුණා.
මෙම සිද්ධියට අදාළ ලිපි ලේඛණ පරීක්ෂා කිරීම සඳහා එම දෙදෙනාගේ නිවාස සෝදිසි කිරීමට අධිකරණ නියෝගයක් ලබාගත් නමුත් එසේ සෝදිසි කිරීම් කටයුතුවල නිරත වන අවස්ථාවේදී එම දෙදෙනා නිවාසවල නොසිටි බවත් දේශීය අදායම් දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නීතීඥ දිනේෂ් පෙරේරා මහතා අධිකරණයට දන්වා සිටියා.
The post පියුමිටයි තාඹුගලටයි එරෙහි විමර්ශන කඩිනම් කරන ලෙසට නියෝග appeared first on TODAY NEWS LK.
from TODAY NEWS LK https://ift.tt/GRKXoVb
via IFTTT

