Loading..

ඇමති බිමල්ගෙන් රාජ්‍ය සේවකයින්ට අනතුරු ඇඟවීමක්! ඉන්නත් පුළුවන්! බැරිනම් ගෙදර යන්නත් පුළුවන්!

ජාතික වැඩපිළිවෙළ ශක්තිමත් කිරීම වෙනුවෙන් රාජ්‍ය සේවකයන් එකලෙස වැඩ කළ යුතු බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි.

පසුගියදා වරාය අමාත්‍යාංශයේ වැඩ භාරගැනීමේ අවස්ථාට එක්වෙමින් ඔහු වැඩිදුරටත් සඳහන් කළේ,

“මේ මොහොතේ සිට අපිට වැඩ කරන්න වෙන්නේ අපිට ඡන්දය දුන් නොදුන් හැම කෙනාම වෙනුවෙන්. මෙතනින් උඩට දේශපාලනය නැහැ. වරාය පෞද්ගලික අංශය සහ රාජ්‍ය අංශය දෙකම සම්බන්ධ කරගත් ක්‍රියාවලියකට යන්න ඕනේ.”  

“දැන් නිලධාරීන්ට වැඩ කරන්න ලේසි වෙයි. එක ලෙස වැඩ කරන්න අවශ්‍ය අවස්ථාව අපි ලබාදෙනවා. අපිත් ඒක එලෙසම බලාපොරොත්තු වෙනවා. ඒක ලබාදෙන්න. ඒක ලබාදෙන්න බැරි අයට පුළුවන්. රාජ්‍ය සේවකයන් විදියට. ඔබටත් අයිතියක් තිබෙනවා. ඉන්නත් පුළුවන්. බැරි අය යන්නත් පුළුවන්. අපිට ලොකු ඇරියස් එකක් තියෙනවා. කරන්න රටේ. මිනිස්සු අපෙන් බලාපොරොත්තු වෙනවා.” 

තමා යටතේ තිබෙන අමාත්‍යාංශවල ඉකුත් සමයේ සිදුවූ මහා පරිමාණ දූෂණයන් පිළිබඳව අනිවාර්යයෙන් සොයාබලා නීති මගින් කටයුතු කරන බවද අමාත්‍ය බිමල් රත්නායක මහතා පැවසීය.

The post ඇමති බිමල්ගෙන් රාජ්‍ය සේවකයින්ට අනතුරු ඇඟවීමක්! ඉන්නත් පුළුවන්! බැරිනම් ගෙදර යන්නත් පුළුවන්! appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/eAHUsl5
via IFTTT
أحدث أقدم

Top Post Ad


උණුසුම් පුවත්.