Loading..

සජබ සංවිධායකයින් 15ක් දොට්ට දැමීමට හිරුණිකාගෙන් තීරණයක්

සමගි ජන බලවේගයේ කඩුවෙල ආසන සංවිධායිකා හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය විසින් කඩුවෙල ආසනයේ සංවිධායකවරු 15 දෙනකු තනතුරුවලින් ඉවත් කර තිබෙනවා.

ඔවුන් වෙනුවට ඇය විසින් වෙනත් සංවිධායකවරු පත් කිරීමට පියවර ගෙන තිබේ.

මේ සම්බන්ධයෙන් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියගෙන් විමසූ විට ඇය පැවසුවේ පක්ෂ ව්‍යවස්ථාව අනුව තමන්ට පැවරී ඇති බලතල මත මෙම තීරණය ගත් බවයි.

ධුරවලින් ඉවත් කළ සංවිධායකවරු, කොට්ඨාස සංවිධායකවරු පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී තමන්ට සහාය නොදී වෙනත් අපේක්ෂකයකුට සහාය දැක්වීම සහ තරුණ කොට්ඨාස සංවිධායකවරුන්ට අවස්ථාවක් ලබාදීම මෙම තීරණයට හේතු වූ බව ද ඇය පැවසුවාය.

මෙසේ තනතුරුවලින් ඉවත් කළ කොට්ඨාස සංවිධායකවරුන් චෝදනා කළේ සංවිධායකවරිය සිදු කළ අත්තනෝමතික ඉවත් කිරීම තමන් පිළිනොගන්නා බවයි.

මේ සම්බන්ධව පක්ෂ නායකවරයා දැනුම්වත් කිරීමට පියවර ගත් බව ද හෙතෙම කීවේය.

The post සජබ සංවිධායකයින් 15ක් දොට්ට දැමීමට හිරුණිකාගෙන් තීරණයක් appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/mqWlrsQ
via IFTTT
أحدث أقدم

Top Post Ad


උණුසුම් පුවත්.