Loading..

සවස් කාලයේ හා රාත්‍රී කාලයේ වැසි වැටෙන ප්‍රදේශ

අද(21) දිනයේදී බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

නැගෙනහිර, මධ්‍යම සහ ඌව පළාත්වලත් හම්බන්තොට සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.

මධ්‍යම, සබරගමුව, ඌව සහ නැගෙනහිර පළාත්වල සමහර ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කළ හැකි බව එම නිවේදනයේ සඳහන්.

මේ අතර තාවකාලික තද සුළං සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට ප්‍රමාණවත් පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

The post සවස් කාලයේ හා රාත්‍රී කාලයේ වැසි වැටෙන ප්‍රදේශ appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/mUuGAD2
via IFTTT
أحدث أقدم

Top Post Ad


උණුසුම් පුවත්.