Loading..

ඉන්දීය හිටපු අග්‍රාමාත්‍ය මන්මෝහන් සිං අභාවප්‍රාප්ත වෙයි

ඉන්දියාවේ හිටපු අග්‍රාමාත්‍යවරයෙකු වන මන්මෝහන් සිං මහතා අද (26) පස්වරුවේ අභාවප්‍රාප්ත වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

1932 වසරේ වත්මන් පාකිස්තානයට අයත් කොටසක් වන පංජාබ්හිදී උපත ලැබූ ඒ මහතා මිය යන විට වයස අවුරුදු 92ක් විය.

ඉන්දියාවේ 13 වැනි අග්‍රාමාත්‍යවරයා වන මන්මෝහන් සිං මහතා දෙවරක් ඉන්දීය අගමැති ලෙසින් කටයුතු කර ඇත.

ප්‍රකට ආර්ථික විශේෂඥයෙක් වන ඔහු, ඉන්දීය ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේ ප්‍රමුඛයෙක් ලෙස ද සැලකෙයි.

මන්මෝහන් සිං මහතා, 2004 වසරේ සිට 2014 දක්වා එරට අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කළේය.

ඊට පෙර ඔහු ඉන්දියාවේ මුදල් අමාත්‍යවරයා ලෙසද කටයුතු කර තිබුණි.

ඔහු 2004 වසරේදී ඉන්දියාවේ අග්‍රාමාත්‍යවරයා වශයෙන් පත් වී තිබුණේ, සෝනියා ගාන්ධි එම තනතුර භාරගැනීම ප්‍රතික්ෂේප කළ බැවිනි.

මන්මෝහන් සිං මහතා මිය යනවිට විට නවදිල්ලියේ රෝහලක ප්‍රතිකාර ලබමින් සිටිබව වාර්තා විය.

The post ඉන්දීය හිටපු අග්‍රාමාත්‍ය මන්මෝහන් සිං අභාවප්‍රාප්ත වෙයි appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/a871eTM
via IFTTT
أحدث أقدم

Top Post Ad


උණුසුම් පුවත්.