අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුළු තෝරාගත් භාණ්ඩ වර්ග 63 ක ආනයනික විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද සංශෝධනය කිරීමෙන් තොරව අඛණ්ඩව පවත්වාගෙන යෑම සඳහා ගැසට් නිවේදනයක් පසුගිය දෙසැම්බර් 31 වනදා නිකුත් කළ බව මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමත්‍යංශය පවසනවා.
පරිප්පු, සුදු සීනි, අර්තාපල්, ලොකු ලූණු, රතු ළුෑණු, පොල්තෙල්, එළවළු තෙල්, ටින් මාළු සහවියළි මිරිස් ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ඇතු`ළු භාණ්ඩ 63 ක් බදු අනුප්‍රමාණයන් සංශෝධනයකින් තොරව පවත්වමින් භාණ්ඩ මිල ඉහළ යෑම වැලැක්වීම බලාපොරොත්තු වන බව එම අමාත්‍යංශය සඳහන් කළා.
දේශීය කෘෂි සහ ධීවර කර්මාන්තය ආරක්‍ෂා කිරීමේ අරමුණින් සහල්, උඳු, මුංඇට, බඩ ඉරිඟු, කුරක්කන්, කහ, පළතුරු වර්ග, මාළු සහ කරවල යන ආහාර වර්ගවල බදු අනුප්‍රමාණයන් ද එළෙසම පත්වාගෙන යෑමට නිකුත් කළ ගැසට් නිවේදනයෙන් පියවර ගත් බව ද එම අමාත්‍යංශය වැඩිදුරටත් පවසනවා.
The post අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය 63 ක ආනයනික විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද ගැන ගත් තීරණය appeared first on TODAY NEWS LK.
from TODAY NEWS LK https://ift.tt/7C5zpyF
via IFTTT

