Loading..

ප්‍රදේශ රැසකට අද ලොකු වැස්සක්

අද (11) දිනයේ උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සිය නවතම නිවේදනය මගින් ඒ බව පෙන්වා දෙයි.

ඒ අනුව, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වලත් පොළොන්නරුව දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මි.මී. 100ට වැඩි තද වැසි ඇතිවිය හැකිය.

අපරභාගයේදී හෝ රාත්‍රී කාලයේ දී අනෙකුත් පළාත්වල ස්ථාන කිහිපයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර බස්නාහිර සහ සබරගමුව පළාත්වල සහ ගාල්ල, මාතර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ට වැඩි තරමක් තද වැසි අපේක්ෂා කළ හැකි බවත් එම නිවේදනයේ සඳහන්.

උතුරු, නැගෙනහිර, උතුරු-මැද සහ වයඹ පළාත්වල සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ විටින් විට පැයට කිලෝමීටර් 30-40 ක තරමක් තද සුළං අපේක්ෂා කරන අතර උදෑසන කාලයේ දී බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වල සහ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල මීදුම් සහිත තත්ත්වයන් අපේක්ෂා කළ හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ.

The post ප්‍රදේශ රැසකට අද ලොකු වැස්සක් appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/VM31TWL
via IFTTT
أحدث أقدم

Top Post Ad


උණුසුම් පුවත්.