Loading..

රාජ්‍ය නිළධාරීන්ගේ වාහන ආනයන බලපත්‍ර ගැන රජය ගත් තීරණය

රාජ්‍ය නිලධාරීන්ගේ වාහන ආනයන බලපත්‍ර ලබා දීම අහෝසි කිරීමට රජය තීරණය කර නොමැති බව කම්කරු අමාත්‍ය හා ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පවසනවා.

වාහන ආනයන බලපත්‍ර සම්බන්ධව රජයේ ස්ථාවරය දැනුම්දෙමින් අමාත්‍යවරයා ඊයේ (23) පාර්ලිමේන්තුවේදී සඳහන් කළේ නිලධාරීන්ට හෝ අවශ්‍ය සුදුසුකම් සපුරා ඇති අයට එම ප්‍රතිලාභය අහිමි නොකරන බවයි.

2025 වර්ෂයේදී වාහන ආනයන බලපත්‍ර සඳහා අවස්ථාව ලබා දීම සිදුවුවහොත් එය ආර්ථික ඉලක්කයට ළඟාවීම අපහසු කරනු ඇති බවත් එබැවින්  ප්‍රමුඛතාවය පිළිබඳව ගැටලුවක් මිස අහෝසි කිරීමේ තීන්දුවක් ගෙන නොමැති බව අනිල් ජයන්ත මහතා පවසා සිටියා.  

“වාහන පර්මිට්ස්වලට කිසිම වෙලාවක රජයේ ස්ථාවරයක් නෑ නිලධාරින් හෝ සුදුසුකම් තිබෙන අයට ප්‍රතිලාභය අහිමි කරන්න. මොකද මේ ප්‍රතිලාභය දෙද්දීත් ගත්ත ක්‍රියාමාර්ගවල අතීතයේ වැරැදි තීන්දු තීරණ තියෙන්න පුළුවන්. ඔවුන්ට සාධාරණ වැටුපක් ප්‍රතිලාභයක් නැති නිසා සමහර වෙලාවට මේ පර්මිට් ලබා දීම හෝ වෙනත් දේ එල්ලලා තිබෙනවා. කෙසේ වෙතත් ඒවා වෙන ම අධ්‍යනය කළ හැකියි. ප්‍රස්තුත කාරණය මේ වර්ෂයට සාපේක්ෂව නිකුත්ව තිබෙන බලපත් ප්‍රමාණය ගත්තාම විශාල ප්‍රමාණයක් සංඛ්‍යා ලේඛනවල පහළොස් දාහක් විසිදාහක් විතර තියෙනවා. අර විදේශ සංචිත ප්‍රමාණය බලලා පර්මිට්වලට ඉඩ ඇරියොත් මේ වසරේදී අපි මේ කී ආර්ථික ඉලක්කයට ළඟාවෙන්න බැරිව යනවා. ආර්ථිකය ප්‍රසාරණය කරන්න බැරිව යනවා. ඒ නිසා ප්‍රමුඛතා පිළිබඳ ප්‍රශ්නයක් මිස ප්‍රතිපත්තියක් හැටියට අහෝසි කරන්න තීන්දුවක් ගෙන නෑ.”

The post රාජ්‍ය නිළධාරීන්ගේ වාහන ආනයන බලපත්‍ර ගැන රජය ගත් තීරණය appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/4X5C8Fu
via IFTTT
أحدث أقدم

Top Post Ad


උණුසුම් පුවත්.