Loading..

අද සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි ලැබෙන ප්‍රදේශ

අද (23) සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඌව පළාතේ සහ අම්පාර, මඩකලපුව, මාතලේ, නුවරඑළිය, හම්බන්තොට සහ මාතර දිස්ත්‍රික්කවල විටින් විට වැසි ඇති විය හැකි අතර, උතුරු සහ උතුරු මැද පළාත්වල සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ වැසි වාර කිහිපයක් ඇති විය හැකියි.

දකුණු සහ සබරගමුව පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50 ක පමණ තරමක් තද වැසි අපේක්ෂා කෙරෙනවා.

මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුමේ සහ උතුරු, උතුරු මැද, නැගෙනහිර සහ වයඹ පළාත්වල සහ මාතලේ, හම්බන්තොට සහ මොනරාගල දිස්ත්‍රික්කවල විටින් විට පැයට කිලෝමීටර් 30-40 ක පමණ තරමක් තද සුළං අපේක්ෂා කළ හැකි බවයි ඔවුන් පවසන්නේ.

මේ අතර සබරගමුව සහ බටහිර පළාත්වල සහ ගාල්ල දිස්ත්‍රික්කයේ උදෑසන කාලයේ සමහර ස්ථානවල මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කළ හැකි බවත් කාලගුණ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

The post අද සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි ලැබෙන ප්‍රදේශ appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/be2y7sN
via IFTTT
أحدث أقدم

Top Post Ad


උණුසුම් පුවත්.