විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් සිය අවසන් වාර්තාව මහජන උපයෝගීතා කොමිෂන් සභාව විසින් අද (17) ප්‍රකාශයට පත්කිරීමට නියමිතව තිබේ.
ඉදිරි මාස 6 සඳහා විදුලි ගාස්තු සංශෝධනයක් සිදු නොකර පවතින ආකාරයෙන්ම පවත්වාගෙන යා යුතු බවට විදුලි බලමණ්ඩලය විසින් යෝජනාවක් ඉදිරිපත්කර තිබුණි.
කෙසේ වෙතත් මහජන උපයෝගීතා කොමිෂන් සභාවෙන්ද ඊට ප්‍රති යෝජනාවක් ඉදිරිපත් කළේය.
ඒ අනුව එම යෝජනා සැලකිල්ලට ගනිමින් විදුලි ගාස්තු සංශෝධනයට අදාළව දිවයිනේ පළාත් නවයම ආවරණය වන පරිදි මහජන අදහස් ලබා ගැනීම පසුගිය වසරේ දෙසැම්බර් 17වනදා ආරම්භ කළ අතර, එය පසුගිය 10 වනදා අවසන් විය.
එම සැසිවාරයන්වල දී පුද්ගලයින් 400 දෙනෙකු පමණ යෝජනා ඉදිරිපත් කිරීම සිදුකළ බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම සඳහන් කරයි.
එම සියළු යෝජනා අධ්‍යයනය කිරිමෙන් අනතුරුව විදුලි ගාස්තු සංශෝධනයක් සිදුවිය යුතුද නැද්ද හෝ ගාස්තු සංශෝධනයක් සිදුවන්නේ නම් එය කුමන ප්‍රතිශතයක්ද යන්න පිළිබඳව නිර්දේශ ඇතුළත් වාර්තාව අද දිනයේ නිකුත් කරන බව මහජන උපයෝගීතා කොමිසම පවසයි.
The post විදුලි ගාස්තු සංශෝධනය ගැන PUCSL අවසන් තීරණය අද appeared first on TODAY NEWS LK.
from TODAY NEWS LK https://ift.tt/8UkdNZM
via IFTTT

