Loading..

කැළෑබඳ ප්‍රදේශයකින් 12 හැවිරිදි කුඩා දරුවෙකු හමු වෙයි

හම්බන්තොට බූන්දල ජාතික වනෝද්‍යානයේ ඌරණීය ප්‍රදේශයේ කැළෑබඳ ප්‍රදේශයක සිටියදී පිරිමි දරුවෙකු සොයාගෙන තිබෙනවා.

පසුගිය සිකුරාදා (21) රාත්‍රී 10:30ට පමණ වෙරළට ආසන්න කැළෑබද ප්‍රදේශයක සිටියදී වයස අවුරුදු 12ක් පමණ වන මෙම දරුවා හමුවී තිබේ.

ඒ බූන්දල ජාතික වනෝද්‍යානයේ වනජීවී නිලධාරීන් පිරිසකටයි.

එම නිලධාරීන් විසින් මෙම දරුවාව හම්බන්තොට පොලීසියට භාරදීමෙන් අනතුරුව දරුවාව හම්බන්තොට මූලික රෝහලට ඇතුළත් කළ බවයි වාර්තා වන්නේ.

මෙම දරුවා පිළිබඳව නිසියාකාර තොරතුරක් වනජීවී නිලධාරීන්ට සහ  පොලීසියට ලැබී නොමැති අතර වනය තුළට පැමිණියේ කෙසේද යන්න ද අනාවරණය වී නැහැ.

සිද්ධිය සම්බන්ධයෙන් හම්බන්තොට පොලීසිය  වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා.

The post කැළෑබඳ ප්‍රදේශයකින් 12 හැවිරිදි කුඩා දරුවෙකු හමු වෙයි appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/0zuafQq
via IFTTT
أحدث أقدم

Top Post Ad


උණුසුම් පුවත්.