Loading..

අලුත් අවුරුද්දට අත්‍යවශ්‍ය ආහාර සහන මිලට

අලුත් අවුරුදු සමයේ පාරිභෝගිකයන්ට අඛණ්ඩව අත්‍යවශ්‍ය ආහාර සැපයුමක් ලබාදීම රජය සහතික කර තිබේ.

ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ, ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට අදාළව ප්‍රතිපත්තිමය තීන්දු ගැනීම සඳහා විෂයභාර අමාත්‍යවරුන් සහ ආහාර ප්‍රතිපත්ති හා සුරක්ෂිතතා කමිටුවේ සාමාජිකයින් ඊයේ(03) පාර්ලිමේන්තුවේදී රැස්වූ බවයි.

එළැඹෙන අලුත් අවුරුදු සමයේ ජනතාවට හිඟයකින් තොරව සහන මිලට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සැපයීම පිළිබඳ මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා වී තිබේ.

රට තුළ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීම සඳහා තොග පවත්වා ගැනීම ඇතුළු අනෙකුත් පියවර පිළිබඳව ද එහිදී වැඩිදුරටත් සාකච්ඡා වී ඇතැයි සඳහන්ය.

පාරිභෝගිකයාත්, ගොවි ජනතාවත්, නිෂ්පාදකයාත් ආරක්ෂා කරගනිමින් එම සියලු පියවරයන් ගැනීමේ අවශ්‍යතාව එහිදී අවධාරණය කෙරුණු බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසීය.

The post අලුත් අවුරුද්දට අත්‍යවශ්‍ය ආහාර සහන මිලට appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/y0dnAiY
via IFTTT
أحدث أقدم

Top Post Ad


උණුසුම් පුවත්.