අරගල සමයේ මැයි නවය ගැටුම් වලදී සෙවනගල ප්‍රෙද්ශයේ ගිනිගත් නිවසකට හිමිවු වන්දි මුදල ලබාගත් රාජපක්ෂවරයෙක් පිළිබඳ ලැයිස්තුවක් ඉතා ඉක්මනට පැමිණීමට නියමිත බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසුවා.
අනුර දිසානායක මහතා මෙහිදි කියා සිටියේ වන්දි මුදල ලබාගත් රාජපක්ෂවරයා ගිනිගත් නිවසේ හිමිකරු නොවන බවයි.
මෙම ඉඩමේ ඔප්පුව වෙන අයකුගේ නමකට තිබෙන බවත් ගෙදර ඔප්පුව තවත් අයකුගේ නමකට තිබෙන බවත් පැවසූ ජනාධිපතිවරයා සඳහන් කළේ නමුත් වන්දි මුදල රාජපක්ෂවරයෙක් ලබාගෙන ඇති බවයි.
ඉදිරි පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ඉලක්ක කරගනිමින් ජාතික ජන බලවේගය සංවිධාන කළ තවත් ජන රැළියකට බුත්තලදී අද එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ.
The post අලුත් ලැයිස්තුවක් ළඟදීම හෙළි කරන බව ජනපති කියයි! රාජපක්ෂවරයෙකුගේ නමත් එම ලැයිස්තුවේ! appeared first on TODAY NEWS LK.
from TODAY NEWS LK https://ift.tt/6Oa8fCd
via IFTTT

