Loading..

”සිරි දළදා වන්දනාව” අද දෙවන දිනටත්

“සිරි දළඳා වන්දනාව” අද (19) දෙවන දිනටත් පැවැත්වෙනවා.

ශ්‍රී දළඳා මාළිඟයේදී දළඳා සමිඳුන් උදෙසා විශේෂ ආගමික වතාවත් සිදුකිරීමෙන් අනතුරුව දහවල් 12 සිට පස්වරු 5.30  දක්වා  දළදා සමිඳුන් වැඳපුදා ගැනීම සඳහා සැදැහැවතුන්ට අවස්ථාව හිමිවනු ඇති.

වන්දනාව වෙනුවෙන් දළදා මාලිගාවේ පිරිත් මණ්ඩපයේ විශේෂ පීඨීකාවක් මත ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ ප්‍රදර්ශන කරඬුව තුළ තැනපත් කර තිබෙනවා.

මහනායක හිමිවරුන් බැතිමතුන්ට දැනුම් දෙන්නේ, සුදු වතින් සැරසි, සැදැහැ සිතින් දළදා සමිඳුන් වැදපුදා ගැනීමට පැමිණෙන ලෙසයි.

ලබන 27 දක්වා සෑම දිනකම මධ්‍යාහ්න 12 සිට පස්වරු 5:30 දක්වා කාලයේ සිරි දළදා වන්දනාවට අවස්ථාව සැළසෙනවා.

The post ”සිරි දළදා වන්දනාව” අද දෙවන දිනටත් appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/IL1xjhK
via IFTTT
أحدث أقدم

Top Post Ad


උණුසුම් පුවත්.