Loading..

ට්‍රම්ප්ගේ තීරු බදු පිටුපස ඇති රිදී රේඛාවක් ගැන හර්ෂගෙන් අනාවරණයක්

ඇමරිකාව විසින් බොහෝ රටවල්වලට සම්බාධක දැමීම තුළ ශ්‍රී ලංකාවට අලුත් අවස්ථා ඇති විය හැකි බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි.

මේ අවස්ථාවේ චීනයේ හැසිරීම වැදගත් වන බවත් චීනයේ සිදුවන්නේ කුමක්ද මෙන්ම චිඔනය කරන්න යන්නේ කුමක්ද යන්න ගැන රජය අවධානය යොමුකළ යුතු වන බවයි මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ.

”බොහෝ රටවල්වලට ඇමරිකාව සම්බාධක දාන නිසා සැපයුම් දාමය වෙනස් වෙනකොට ලංකාවට සමහර වෙලාවට අවස්ථාව තියෙන්න පුළුවන් යම් යම් ස්ථානවලින් අස්ථාවර වෙන කර්මාන්ත ලංකාවේ ස්ථාපනය කරගන්න. හැබැයි ඒක බොහොම සූක්ෂමව රාජතාන්ත්‍රික මට්ටමින් කරන්න උත්සහ කරන්න ඕනේ. චීනයත් බටහිර යුරෝපය සහ ඇමරිකාවත් විරසක වෙන්නේ නැති විදිහට. අනිත් එක තමයි චීනෙට සම්බාධක දාලා තියෙන නිසා උදාහරණයක් විදිහට යකඩ,ඇලුමිනියම් වාගේ චීනෙන් ඇමරිකාවට අපනයන කරන භාණ්ඩවලින් ඉල්ලුම ඇමරිකාවෙන් අඩුවෙන්න ඉඩ තියෙනවා. එතකොට යම්කිසි සැපයුමේ අතිරික්තයක් තියෙන්න ඉඩ තියෙන්න පුළුවන්. එහෙම වුනොතින් අපිට එක පැත්තකින් දේශීය සැපයුම්කරුවන්ට දැනට වඩා දැඩි තරඟකාරීත්වයක් එන්න පුළුවන්. අනිත් පැත්තෙන් අපේ යටිතල පහසුකම් සංවර්ධන වැඩපිළිවෙලේ අපි ගන්න අමුද්‍රව්‍යවල මිල අඩුවෙන්න අවස්ථාවකුත් තියෙනවා. ඉතින් මේකේ දෙතුන්පැත්තක් තියෙනවා. අපි කොහොමද 2025 ට චීන රජයේ ඉදිරිපත් කරලා තියෙන ඔවුන්ගේ ආර්ථික වැඩපිළිවෙල සමඟ අපේ ආර්ථික ගමන එකතු කරගන්නේ කොහොමද කියන එක තමයි මෙතෙන මම හිතන්නේ වැදගත් වෙන්නේ. ඒ නිසා රජයට ලොකු වගකීමක් තියෙනවා හොඳට තේරුම් අරගෙන මොකක්ද මේ චීනය කරන්න යන්නේ මොකක්ද චිනේ වෙන්නේ අපි කොහොමද අපේ මිත්‍රයා සමඟ එකතු වෙලා ඔවුන්ටත් අපිටත් ධනාත්මක වෙන විදිහට මේ සම්බන්ධතාවය තවදුරටත් ශක්තිමත් කරන්නේ කියන එක ගැන.” යනුවෙන් හර්ෂ ද සිල්වා මහතා තවදුරටත් පවසයි.

The post ට්‍රම්ප්ගේ තීරු බදු පිටුපස ඇති රිදී රේඛාවක් ගැන හර්ෂගෙන් අනාවරණයක් appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/CeOxgfI
via IFTTT
أحدث أقدم

Top Post Ad


උණුසුම් පුවත්.