Loading..

ගුරු විද්‍යාපීඨවල සිසුන්ට විශේෂ පුහුණුවක්

විද්‍යාපීඨවල පුහුණුව ලබමින් සිටින ගුරු සිසුන් සඳහා ආබාධ සහිත දරුවන් හැසිරවීම පිළිබඳව මාස 6ක පුහුණුවක් ලබාදීමට යෝජනා වී තිබෙනවා.

ඒ බව අධ්‍යාපන අමාත්‍යාංශ නිලධාරීන් කාන්තා සහ ළමා කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවට දන්වා තිබෙනවා.

එම කාරක සභාව එහි සභාපති කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රුජ්ගේ ප්‍රධානත්වයෙන් පසුගිය 8 වනදා පාර්ලිමේන්තුවේ රැස්වූ අවස්ථාවේදී ඒ බව දන්වා තිබෙනවා.

එමඟින් ආබාධ සහිත දරුවන්, සාමාන්‍ය දරුවන් හා සමානව සලකා කටයුතු කිරීමට ගුරුවරුන්ට අවශ්‍ය දැනුම හා ආකල්ප ලබාදීමට අපේක්ෂා කර තිබෙනවා.

The post ගුරු විද්‍යාපීඨවල සිසුන්ට විශේෂ පුහුණුවක් appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/WSkdVPQ
via IFTTT
أحدث أقدم

Top Post Ad


උණුසුම් පුවත්.