Loading..

දිවයිනේ පළමු තැන හිමිකරගත් උසස් පෙළ විශිෂ්ටයින් මෙන්න! වැඩිම ප්‍රථම ස්ථාන කුරුණෑගලට!

2024 උසස් පෙළ විභාගයේ නිකුත් වූ ප්‍රතිඵල අනුව දිවයිනේ විශිෂ්ටයින් මේ වන විට වාර්තා වී තිබේ.

ඒ අනුව ජීව විද්‍යා අංශයෙන් දිවයිනේ පළමු තැන කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලයේ හෑගොඩ ආරච්චිගේ සඳිති නිම්හාරා සිසුවිය විසින් හිමිකරගෙන තිබේ.

ගණිත අංශයෙන් දිවයිනේ පළමු තැන හිමිකරගෙන ඇත්තේ ලෙසඳු රණ්සර කුමාරගේ සිසුවා වන අතර එම සිසුවා ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ අධ්‍යාපනය හදාරා තිබේ.

වාණිජ අංශයෙන් දිවයිනේ පළමු තැන හිමිකරගෙන ඇත්තේ කොළඹ විශාකා විද්‍යාලයේ කංකානිගේ අමාශා දුලාරි පෙරේරා සිසුවිය විසිනි.

කලා අංශයෙන් දිවයිනේ ප්‍රථමයා රත්නාවලී බාලිකා විද්‍යාලයේ සෙනෙලි චමත්කා රණසිංහ සිසුවිය විසින් හිමිකරගෙන තිබේ.

ජෛව පද්ධති තාක්ෂණවේදය අංශයෙන් දිවයිනේ පළමු තැන කුරුණෑගල සඳලංකා මධ්‍ය මහා විද්‍යාලයේ නෙත්මි නවෝද්‍යා සිසුවිය විසින් හිමිකරගෙන තිබේ.

ඉංජිනේරු තාක්ෂණවේදය අංශයෙන් දිවයිනේ පළමු තැන හිමිකරගෙන ඇත්තේ කාව්‍ය රවිහන්ස රොසයිරෝ සිසුවා වන අතර එම සිසුවා නාරම්මල මයුරපාද ජාතික පාසලේඅධ්‍යාපනය හදාරා තිබේ.

The post දිවයිනේ පළමු තැන හිමිකරගත් උසස් පෙළ විශිෂ්ටයින් මෙන්න! වැඩිම ප්‍රථම ස්ථාන කුරුණෑගලට! appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/fLN4X3r
via IFTTT
أحدث أقدم

Top Post Ad


උණුසුම් පුවත්.