Loading..

ධම්මික පෙරේරා සිමෙන්ති බිස්නස් එකටත් අත ගහයි

ප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා, ඉන්දියානු සහ ශ්‍රී ලාංකික ආයෝජකයන් අතර ඒකාබද්ධ ව්‍යාපාරයක් වන DHT සිමෙන්ති සමාගමේ 51% ක පාලන කොටස් හිමිකමක් අත්පත් කරගනිමින් තරඟකාරී සිමෙන්ති කර්මාන්තයට පිවිස තිබේ.

“පවර්ටෙක් ප්‍රිමියම් සිමෙන්ති” සන්නාමය නිෂ්පාදනය කරන DHT සමාගම, ධම්මික පෙරේරාගේ ආයෝජන හිමිකාරීත්වය දරන ‘වැලිබල් එක්ස්’ හරහා මෙම ව්‍යාපාරය මෙහෙයවනු ඇත.

ව්‍යාපාරයේ 51% ක කොටස් හිමිකර ගැනීම සඳහා, ධම්මික පෙරෙරා, මුල් කොටස් හිමියන් හතර දෙනකුගෙන් (ඉන්දියානුවන් දෙදෙනකු සහ ශ්‍රී ලාංකිකයන් දෙදෙනකු) සාමූහිකව ඩොලර් මිලියන 8 ක් ගෙවා සමාන කොටස් ලබාගෙන තිබේ.

එසේම සමාගම විසින් නිකුත් කරන ලද නව කොටස් මිලදී ගැනීම සඳහා තවත් ඩොලර් මිලියන 12ක් ආයෝජනය කර ඇති අතර, එමඟින් වැලිබල් එක්ස් සමාගමේ මුළු ආයෝජනය ඩොලර් මිලියන 20 දක්වා ඉහළ ගොස් තිබේ.

ඒකල පිහිටි DHT කම්හල දියුණු ජර්මානු ඉංජිනේරු විද්‍යාවෙන් සමන්විත වන අතර, මෙහෙයුම් කාර්යක්ෂමතාව සහ පාරිසරික ආරක්ෂාව යන ක්ෂේත්‍ර දෙකෙහිම ඉදිරියෙන් සිටින බව පැවැසේ.

සමාගම සාමාන්‍ය පෝට්ලන්ඩ් සිමෙන්ති (OPC) අලෙවි කරන අතර, සියලු වර්ගවල ව්‍යාපෘති සඳහා බෑග් ආකාරයෙන් ප්‍රමුඛතම සන්නාමය ලෙස PowerTech Premium සිමෙන්ති අලෙවි කරයි.

එය මහා පරිමාණ ඉදිකිරීම් ව්‍යාපෘති, ව්‍යුහාත්මක කටයුතු සහ ඉංජිනේරු යෙදුම් සඳහා තොග සිමෙන්ති ද සපයයි.

The post ධම්මික පෙරේරා සිමෙන්ති බිස්නස් එකටත් අත ගහයි appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/QSr0Ifc
via IFTTT
أحدث أقدم

Top Post Ad


උණුසුම් පුවත්.