පොදුජන පෙරමුණේ මෙවර මැතිවරණ අපේක්ෂකයෙකු වූ ඩෑන් ප්‍රියසාද් ඝාතනයට සම්බන්ධ වෙඩික්කරු අත්අඩංගුවට ගත්බව පොලිසිය පවසනවා.
පසුගිය අප්‍රේල් 22 වෙනිදා සාලමුල්ල ප්‍රදේශයේ පිහිටි මහල් නිවාසයක් තුළ සිදු වූ වෙඩි තැබීමකින් තුවාල ලැබූ ඩෑන් ප්‍රියසාද් රෝහල්ගත කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්විය.
බස්නාහිර පළාත් දකුණු දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදු කරන ලද විමර්ශනයේදී අනාවරණය කර ගත් තොරතුරු මත වැටලීමක් සිදුකර ඊයේ (02) සවස් කාලයේ කුරුඳුවත්තපොලිස් වසමේදී මෙම වෙඩි තැබීම සිදු කල ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගත් බවද පොලිසිය පවසා සිටියා.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 52 ක්වන වෑබඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි වාර්තා වන්නේ.
මෙම සැකකරු ඩෑන් ප්‍රියසාද්ගේ සොහොයුරාගේ ඝාතනයටත් සම්බන්ධ සැකකරුවෙකු බවද සඳහන්.
The post ඩෑන් ප්‍රියසාද් ඝාතනයේ වෙඩික්කරු අත්අඩංගුවට appeared first on TODAY NEWS LK.
from TODAY NEWS LK https://ift.tt/JEMIuXs
via IFTTT

