Loading..

සජබ පළාත් පාලන මන්ත්‍රීවරුන්ට විශේෂ දැනුම්දීමක්

බහුතරය නොමැති පළාත් පාලන ආයතන පිහිටුවීම සඳහා පවත්වන ඡන්ද විමසීමේදී පක්ෂය ලබාදෙන උපදෙස් වලට විරුද්ධව කටයුතු කරන මන්ත්‍රීවරුන්ට එරෙහිව විනය පරීක්ෂණ පවත්වන බව දන්වා සියලු පළාත් පාලන මන්ත්‍රීවරුන්ට ලිපි යැවීමට සමගි ජන බලවේගය තීන්දු කර ඇත.

බහුතරය නොමැති ආයතනවල ප්‍රධානීන් පත්කර ගැනීම සඳහා පවත්වන ඡන්ද විමසීම විවෘත ඡන්දයක්ද එසේ නොමැති නම් රහස් ඡන්දයක් දැයි පළමුව සියලු මන්ත්‍රීවරුන් අත ඔසවා ප්‍රකාශ කළ යුතු අතර එහිදී සජබය තීන්දු කර ඇත්තේ විවෘත ඡන්ද වීමසීමක් පැවැත්විය යුතු බවටය.

රජය රහස් ඡන්දයක් ඉල්ලා සිටින අතර රහස් ඡන්ද විමසීමක දී වෙනත් පක්ෂවල මන්ත්‍රීවරුන්ගේ සහාය ලබා ගැනීමට රජය අදහස් කර ඇත.

මේ නිසා තම පක්‍ෂයේ මන්ත්‍රීවරුන් විවෘත ඡන්ද විමසීමක් ඉල්ලා සිටීමට සජබය නියම කර තිබේ.

ඒ සමගම පක්ෂය නම් කරන සභාපති හෝ පුරපති අපේක්ෂකයාට සහාය ලබා දිය යුතු බවටද සජබය තේරිපත් වූ සියලු මන්ත්‍රීවරුන්ට ලිපි මගින් උපදෙස් දී ඇති අතර එම නියෝග තඩ කරන සියලු මන්ත්‍රීවරුන්ට විනය පරීක්ෂණ පවත්වන බවද දැනුම්දී ඇත.

The post සජබ පළාත් පාලන මන්ත්‍රීවරුන්ට විශේෂ දැනුම්දීමක් appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/1fVW6N2
via IFTTT
أحدث أقدم

Top Post Ad


උණුසුම් පුවත්.