ළමුන් හිරු එළියට නොයවා සිටීම හේතුවෙන් විටමින් D හිඟය දැඩි සෞඛ්‍ය ගැටළුවක් බවට පත්ව ඇති බව ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා පවසනවා.
ඔහු පැවසුවේ, වසර 20–30කට පෙර මෙවැනි ගැටළුවක් නොතිබූ බවයි.
අද වනවිට දරුවන් එළිමහනට ගොස් සෙල්ලම් කිරීම වෙනුවට ශිෂ්‍යත්වය සඳහා පාඩම් කිරීම, අමතර පන්ති, වීඩියෝ ක්‍රීඩා, රූපවාහිනිය සහ ජංගම දුරකථන භාවිතය වැනි කටයුතු සඳහා වැඩි වේලාවක් ගත කරන බවත් ඔහු පැහැදිලි කළේය.
ඒ නිසා, දරුවන්ට එළිමහනේ සෙල්ලම් කිරීමට අවස්ථාව සලසා දිය යුතු බව වෛද්‍යවරයා අවධාරණය කරනවා.
මැදපෙරදිග සහ යුරෝපීය රටවල දැකිය හැකි විටමින් D ඌනතාවය, හිරු එළිය හොදින් ලැබෙන ලංකාවේ ද දැන් ව්‍යාප්ත වීම අසාමාන්‍ය තත්ත්වයක් බවයි වෛද්‍යවරයා සදහන් කළේ.
දරුවන් හිරු එළියේ තබා ගැනීම සඳහා උදෑසන 9 සිට 11 දක්වා කාලය සුදුසුම වේලාව බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.
විටමින් D හිඟය වැළැක්වීම සඳහා විටමින් D සහිත ආහාර වන හාල්මැස්සන්, බිත්තර කහමදය සහ මුරුංගා කොළ ආදි ආහාර පරිභෝජනය කළ යුතු බවද වෛද්‍ය දීපාල් පෙරේරා අවධාරණය කරයි.
The post ශ්‍රී ලංකාවේ ළමුන්ට අලුත්ම සෞඛ්‍ය ගැටලුවක් appeared first on TODAY NEWS LK.
from TODAY NEWS LK https://ift.tt/1i3lWcf
via IFTTT

