Loading..

උතුරු – නැගෙනහිර අද හර්තාල්

උතුරු සහ නැගෙනහිර පළාත්වල අද (18) හර්තාල් ව්‍යාපාරයක් සිදුකරන බව ඉලංකෙයි තමිල් අරුසු පක්ෂය පවසයි.

ඉලංගෙයි තමිල් අරසු පක්ෂය සදහන් කළේ, පසුගියදා මුලතිව් ශිවනගර්හි යුද හමුදා කඳවුරකට ඇතුළු වූ පිරිසක් අතුරින් අයෙකු මරණයට පත්වීම මුල් කරගනිමින් මෙම හර්තාලය ක්‍රියාත්මක කරන බවයි.

මෙම හර්තාල් ව්‍යාපාරය සදහා ශ්‍රී ලංකා කම්කරු කොංග්‍රසය සහ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ද සහය පළ කරන බව පසුගියදා සදහන් කළේය.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණයේදී අනාවරණය වූ කරුණු අනුව හමුදා සෙබලුන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බව පොලිසිය සදහන් කළේය.

කෙසේවෙතත් උතුරු සහ නැගෙනහිර පළාත්වල අද දිනයේ ක්‍රියාත්මක වන හර්තාල් ව්‍යාපාරය සම්බන්ධයෙන් ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් නලින්ද ජයතිස්ස අමාත්‍යවරයා සඳහන් කළේ රජය හා ආරක්ෂක අංශ ඉලක්ක කර ගනිමින් සිදුකරන අදහස් විකෘති කිරීම් හා අසත්‍ය ප්‍රචාරවලට රැවටීමෙන් වළකින ලෙසය.

එමෙන්ම මෙම සිදුවීමේ කරුණු විකෘතිකරමින් අසත්‍ය තොරතුරු ප්‍රචාරය කරමින් යම් යම් දේශපාලන කණ්ඩායම් උතුරේ හා නැගෙනහිර ජනතාව අතර කැලඹීමක් නිර්මාණය කිරීමට උත්සාහ දරන බවත් එවැනි ප්‍රචාරයන්ට හසු නොවී කරුණු අවබෝධ කරගෙන සාමකාමීව හැසිරෙන ලෙසද ඔහු වැඩිදුරටත් ඉල්ලා සිටියේය.

The post උතුරු – නැගෙනහිර අද හර්තාල් appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/y7JfSes
via IFTTT
أحدث أقدم

Top Post Ad


උණුසුම් පුවත්.