Loading..

ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් ඉන්දියාවට තර්ජනයක්

රුසියානු තෙල් මිලදී ගැනීම සම්බන්ධව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නැවතත් ඉන්දියාවට තර්ජනය කර තිබේ.

ඒ සිය Truth Social හී සටහනක් තබමින්.

ඉන්දියාව රුසියානු තෙල් විශාල වශයෙන් මිලදී ගැනීම් සිදුකිරීමෙන් පමණක් නොනැවතී විවෘත වෙළෙඳපොළේ විශාල ලාභ සඳහාද එය විකුණන බවට ඇමෙරිකානු ජනාධිපතිවරයා ඉන් චෝදනා එල්ල කර තිබේ.

“මෙම හේතුව නිසා, මම ඉන්දියාව විසින් ඇමරිකාවට ගෙවන තීරුබදු සැලකිය යුතු ලෙස ඉහළ දමනවා” යනුවෙන් ඔහු එහි සඳහන් කර තිබේ.

අමෙරිකානු ජනාධිපතිවරයාගේ මෙම තර්ජනය එල්ල වී ඇත්තේ ඉන්දියාවෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා 25%ක තීරු බදු පනවන බවට ඔහු කළ නිවේදනයෙන් දින කිහිපයකට පසුවය.

The post ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් ඉන්දියාවට තර්ජනයක් appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/h81XCSJ
via IFTTT
أحدث أقدم

Top Post Ad


උණුසුම් පුවත්.