පානදුර අලුබෝගහවත්ත ප්‍රදේශයේ දී වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කර තිබේ.
ඊයේ (27) රාත්‍රී නිවසක සිටි පුද්ගලයෙකුට යතුරු පැදියකින් පැමිණි බවට සැක කරන පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර පලාගොස් ඇති බව පොලීසිය පැවසුවේය.
වෙඩි වැදීමෙන් එම පුද්ගලයා මියගොස් ඇති අතර මෙලෙස මියගොස් ඇත්තේ 55 හැවිරිදි අලුබෝගහවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව සඳහන්ය.
ඝාතනයට හේතුව හා යොදා ගත් ගිනිඅවිය පිළිබඳ මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් පානදුර දකුණ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.
The post පානදුරේ වෙඩි තැබීමක්! පුද්ගලයෙකු මරුට! appeared first on TODAY NEWS LK.
from TODAY NEWS LK https://ift.tt/uwJ0tPR
via IFTTT

