රජයේ ප්‍රමුඛ පෙළේ ආයතනයක ප්‍රධානියා ධුරයෙන් ඉවත් කිරීමට සැළසුම් කරමින් සිටින බවට රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
අමාත්‍යාංශය විසින් ලබාදෙන උපදෙස් නිසි පරිදි නොපිළිපැදීම සහ අකාර්යක්ෂමතාව මෙම තීරණයට ප්‍රධාන හේතු වී ඇතැයි වාර්තා වේ.
මේ වන විටත් මෙම ආයතන ප්‍රධානියා සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයේ අවධානය යොමු කරවා ඇති බවත් අමාත්‍යාංශයේ ලේකම්වරයාට ද මෙම නිලධාරියා ඉවත් කිරීමට අදාළව අවශ්‍ය කටයුතු සිදුකරන ලෙසට උපදෙස් දී ඇති බවත් වාර්තා වෙයි.
තනතුර අහිමිවීමේ අවධානමක පසනුවන මෙම නිලධාරියා පසුගිය කාලයේ යූ ටියුබ් නාළිකාකරුවන් සමගින් තමන් යටතේ ඇති ආයතනවලට ගොස් නිලධාරීන් අපහසුතාවට පත්වන ආකාරයෙන් කටයුතු කර තිබෙන බවද එම නිලධාරියා මේ වන විට ඔහුට ඉහළින් සිටින ඇමැතිවරයා ද අපහසුතාවට පත්වන ආකාරයෙන් යූ ටියුබ්කරුවන් මෙහෙයවන බවට ද ආණ්ඩුවේ අවධානය යොමුව තිබේ.
මෙම කරුණු හේතුවෙන් එම නිළධාරියාට සිය තනතුර අහිමිවීමේ අවදානමක් මතුව ඇත.
The post ලොකු ලොක්කෙක් ඉවත් කිරීමට කැබිනට් මණ්ඩලය සැරසෙයි appeared first on TODAY NEWS LK.
from TODAY NEWS LK https://ift.tt/FraAEwV
via IFTTT

