Loading..

ප්‍රදීප් නිලංග දෑල වැඩ බලන දියවඩන නිලමේ ධුරයට ?

ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑලගේ නිල කාලය ඊයේ (07 වැනිදා) මධ්‍යම රාත්‍රියෙන් නිමා වූ අතර එම ධුරයේ වැඩ බැලීම සඳහා ඔහුම පත්කර ඇතැයි වාර්තා වේ. ඒ සඳහා මල්වතු අස්ගිරි උභය මහා විහාරීය මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ දෙනමගේ නිර්දේශයද හිමිව තිබේ.

දියවඩන නිලමේවරයාගේ නිල කාලය අවසන් වීමෙන් පසු එම පදවියේ වැඩ බැලීම සඳහා බොහෝවිට පත් කරනු ලබන්නේ පදවියේ සිටි දියවඩන නිලමේවරයාමය.

එහෙත් 2005 වසරේ දී එවකට දියවඩන නිලමේ ධුරය හෙබවූ නෙරංජන් විජයරත්න වෙනුවට වැඩ බැලීම සඳහා පත් කරනු ලැබුවේ පත්තිනි දේවාලයේ බස්නායක නිලමේ ලෙස කටයුතු කළ රොහාන් පරණගමය.

ධුර කාලය නිමා වීමෙන් පසු මාස තුනක් ඇතුළත ශ්‍රී දළදා මාලිගාව සඳහා දියවඩන නිලමේවරයෙකු පත්කර ගැනීමට ඡන්ද විමසීම බෞද්ධ කටයුතු කොමාසාරිස් ජනවරාල්වරයාගේ ප්‍රධානත්වයෙන් සිදුකළ යුතුය.

ඒ අනුව එළැඹෙන දෙසැම්බර් මස 07 වැනිදාට පෙර දියවඩන නිලමේ තෝරා පත්කර ගැනීමේ නිලවරණය පැවැත්විය යුතුව තිබෙන අතර එය නොවැම්බර් මස මැද භාගයේ දිනක පැවැත්වීමට බොහෝ දුරට ඉඩ ඇත.

The post ප්‍රදීප් නිලංග දෑල වැඩ බලන දියවඩන නිලමේ ධුරයට ? appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/ltMU0v1
via IFTTT
أحدث أقدم

Top Post Ad


උණුසුම් පුවත්.