Loading..

ප්‍රහාරයක් පිළිබඳව අනතුරු අඟවමින් ට්‍රම්ප් අවසන් නිවේදනය නිකුත් කරයි

වොෂින්ටන් වෙලාවෙන් ඉරිදා (05) සවස 6 වන විට සාමය සඳහා එකඟ වියයුතු අතර, එම අවසන් අවස්ථාව නොගන්නේ නම් හමාස් සංවිධානයට විනාශය ලඟා කර, මැදපෙරදිග සාමය කෙසේ හෝ පිහිටුවන බව, අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.

සිය Truth සමාජ මාධ්‍ය වේදිකාවේ සටහනක් තබමින් ඔහු මේ බව අවධාරණය කර සිටී.

මෙම සැලැස්ම මගින් වහාම සටන් නවත්වා හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටින ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් 20 දෙනෙකු මෙන්ම මියගිය බවට සැලකෙන ප්‍රාණ ඇපකරුවන්ගේ දේහයන් පැය 72ක් ඇතුළත නිදහස් කිරීම යෝජනා කර තිබේ.

ඒ අනුව ගාසා වැසියන් සිය ගණනක් හුවමාරු කර ගැනීමටද නියමිතය.

කෙසේ නමුත් මෙම අවසාන අවස්ථාවෙහි ගිවිසුමට එළැඹීමට නොහැකි වුවහොත් හමාස් සංවිධානයට එරෙහිව ගත හැකි දැඩි පියවරයන් ගැනීමට කටයුතු කරන බවත් ට්‍රම්ප් විසින් සිය Truth සමාජ මාධ්‍ය ගිණුමේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.

The post ප්‍රහාරයක් පිළිබඳව අනතුරු අඟවමින් ට්‍රම්ප් අවසන් නිවේදනය නිකුත් කරයි appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/RdOB0Ja
via IFTTT
أحدث أقدم

Top Post Ad


උණුසුම් පුවත්.