ශ්‍රී ලංකාවට ඇ. ඩො. මිලියන 300 ක මූල්‍යාධාර පිරිනැමීම වෙනුවෙන් ශ්‍රී ලංකා රජය සහ ආසියානු සංවර්ධන බැංකුව අතර වූ ගිවිසුමට අත්සන් තැබීම කොළඹ භාණ්ඩාගාරයේ දී සිදුවී තිබෙනවා.
ශ්‍රී ලංකා රජය වෙනුවෙන් මුදල්, සැලසුම් සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම සහ ආසියානු සංවර්ධන බැංකුව වෙනුවෙන් ADB ශ්‍රී ලංකා නේවාසික මෙහෙවරේ දේශීය අධ්‍යක්ෂ ‘ටකෆුමි කඩෝනෝ’ විසින් මීට අත්සන් කර තිබෙනවා.
ප්‍රතිපත්ති පාදක ණය (PBL) සහ ආයෝජන ණය යටතේ ඇමරිකානු ඩොලර් මිලියන 300 ක් ලබා සඳහා ශ්‍රී ලංකා රජය, ආසියානු සංවර්ධන බැංකුව (ADB) සමඟ සාකච්ඡා පැවැත්වූ බවයි මුදල් අමාත්‍යංශය සඳහන් කරන්නේ.
The post ආසියානු සංවර්ධන බැංකුවෙන් ශ්‍රී ලංකාවට ලොකු ප්‍රදානයක් appeared first on TODAY NEWS LK.
from TODAY NEWS LK https://ift.tt/2LgZcfx
via IFTTT

