Loading..

හිටපු කථානායක අශෝක රන්වල රිය අනතුරකට ලක්වෙයි

පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු කථානායක අශෝක රන්වල මහතා ගමන් ගත් ජීප් රථය ඊයේ(11) රාත්‍රී 7.45ට පමණ, සපුගස්කන්ද දෙනිමල්ල ප්‍රදේශයේදී මෝටර් රථයක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

අනතුර සිදුවන අවස්ථාවේ මෝටර් රථය තුළ කාන්තාවක් හා කුඩා දරුවෙකු සිට ඇති අතර ඔවුන් දෙදෙනා තුවාල ලබා තිබෙනවා.

අනතුරින් තුවාල ලැබූ කාන්තාව කිරිබත්ගොඩ රෝහලට සහ කුඩා දරුවා ප්‍රතිකාර සඳහා රිජ්වේ ආර්යා ළමා රෝහලටත් ඇතුළත් කර ඇති බව සඳහන්.

තවද පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල මහතා ද තුවාල ලබා ඇති අතර ඔහුද ප්‍රතිකාර සඳහා කිරිබත්ගොඩ රෝහලට ඇතුලත් කර ඇති බව වාර්තා වනවා.

පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ අනතුරට ලක්වූ ජීප් රථය, මෝටර් රථය මෙන්ම යතුරු පැදියක් පොලිස් භාරයට ගෙන ඇති බවයි.

සපුගස්කන්ද පොලීසිය අනතුර සම්බන්ධයෙන් වැඩිදුර පොලිස් පරීක්ෂණ සිදු කරනු ලබනවා.

The post හිටපු කථානායක අශෝක රන්වල රිය අනතුරකට ලක්වෙයි appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/NGFHV6A
via IFTTT
أحدث أقدم

Top Post Ad


උණුසුම් පුවත්.