Loading..

දික්ඕවිටට රැගෙන ආ බහුධින ධීවර යාත්‍රාවේ රු.කෝටි 400කට අධික හෙරොයින්

මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබියදී නාවික හමුදා භාරයට ගත් බහුදින ධීවර යාත්‍රාවේ රුපියල් කෝටි 400කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් මත්ද්‍රව්‍ය ඇතැයි අනාවරණය වී තිබෙනවා.

අදාළ මත්ද්‍රව්‍ය තොගය නිරීක්ෂණයට එක්වෙමින් ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතා මේ බව සඳහන් කළා.

ඒ අනුව මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් සිදුකළ පරීක්ෂාවේදී මෙම යාත්‍රාවේ තිබූ මත්ද්‍රව්‍ය හෙරොයින් බවට අනාවරණය වී ඇති අතර ඒ තුළ තිබී මත්ද්‍රව්‍ය කිලෝ 150කට අධික ප්‍රමාණයක් නිලධාරීන්  භාරයට ගෙන තිබෙනවා.

බහුදින ධීවර යාත්‍රාවේ සිටි සැකකරුවන් 04 දෙනා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් ගොඩබිමට රැගෙන ආ පසු අත්අඩංගුවට ගනු ලැබුවා.

ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වූ ගැඹුරු මුහුදේදී ඊයේ (16) සිදුකළ විශේෂ මෙහෙයුමක් අතරතුර නාවික හමුදාව විසින් අදාළ බහුදින ධීවර යාත්‍රාව සිය භාරයට ගත් අතර ඒ තුළ තිබූ මත්ද්‍රව්‍ය බහාලු උර 6ක් සමග මෙම සැකකරුවන් 04 දෙනා නිලධාරී භාරයට ගෙන තිබුණා.

The post දික්ඕවිටට රැගෙන ආ බහුධින ධීවර යාත්‍රාවේ රු.කෝටි 400කට අධික හෙරොයින් appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/V8dekRA
via IFTTT
أحدث أقدم

Top Post Ad


උණුසුම් පුවත්.