Loading..

තල්දෙන කඳවුරෙන් පැන්න 9න් 6ක් අල්ලයි


 බදුල්ල තල්දෙන මත්ද්‍රව්‍ය පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් පැනගිය රැඳවියන් 09 දෙනාගෙන් 06 දෙනෙකු බන්ධනාගාර නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය සහ බන්ධනාගාර නිලධාරීන් එක්ව සිදුකළ විශේෂ මෙහෙයුමේදී ඊයේ (17) පෙරවරුවේ රැඳවියන් දෙදෙනෙකු සොයාගත් අතර රාත්‍රී කාලයේදී තවත් සිව්දෙනෙකු අත්අඩංගුවට ගත් බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා පැවසුවේය.

අත්අඩංගුවට ගත් සිව්දෙනා කන්දකැටිය වැල්ලවතැන්න ප්‍රදේශයේදී සැඟවී සිට ඇති අතර ඔවුන් අවුරුදු 23ත් 27ත් අතර වයස්වල පසුවන වැල්ලම්පිටිය, දෙමටගොඩ, මට්ටක්කුලිය සහ මාළිගාවත්ත ප්‍රදේශවල පදිංචිකරුවන් බව වාර්තා වේ.

එම සැකකරුවන් අද (18) බදුල්ල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය. 

අදාළ රැඳවියන් 09දෙනා ඊයේ අලුයම එම පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් පැනගොස් තිබු අතර පළාගිය තවත් රැඳවියන් තිදෙනෙකු සොයා තවදුරටත් මෙහෙයුම් සිදුකරන බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

أحدث أقدم

Top Post Ad


උණුසුම් පුවත්.