Loading..

තවත් මනුෂ්‍ය ඝාතනයක්


 ඇන්දාන මඩලගම ජනපදය ප්‍රදේශයේදී පොල්ලකින් පහරදීමෙන් පුද්ගලයෙකු මියගොස් තිබේ.

පොලීසිය පැවසුවේ පහරදීම හේතුවෙන් බරපතළ තුවාල ලබා කහවත්ත රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (17) එම පුද්ගලයා මියගොස් ඇති බවය.

පසුගිය 16 වනදා මෙම පහරදීම සිදුකර ඇති අතර මෙලෙස මියගොස් ඇත්තේ 39 හැවිරිදි කහවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මරණකරු හා සැකකරුගේ බිරිඳ අතර පැවති අනියම් සම්බන්ධතාවයක් මත ඇති වූ ආරවුලක්, එම ඝාතනයට හේතුවී ඇති බවට විමර්ශනයේ දී අනාවරණය වී ඇත.

සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඊයේ පැල්මඩුල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු 25 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

ඇන්දාන පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

أحدث أقدم

Top Post Ad


උණුසුම් පුවත්.