Loading..

වෛද්‍යවරු පුදුම කරමින් මිය ගිය තරුණයෙකුට පැය දෙකකට පසු පණ එයි

අමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ තරුණයෙකු මිය ගිය බවට වෛද්‍යවරුන් ප්‍රකාශ කිරීමෙන් අනතුරුව යළි ජීවය ලැබීමේ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

තරුණයා මිය ගොස් ඇති බවට පවුලේ ඥාතීන්ට දැනුම් දීමෙන් අනතුරුව ඔවුන් මෘත ශරීරය බැලීමට ගොස් තිබුණා.

එහිදී පවුලේ ඥාතීන් ඔහුගේ චලනයන් දැක ඇති අතර අනතුරුව කඩිනමින් වෛද්‍යවරුන්ට ඒ පිළිබඳ දැනුම් දීමටයි කටයුතු කර තිබුණේ.

එමෙන්ම මිය ගිය බවට ප්‍රකාශ කර පැය දෙකකට පසුවයි එලෙස යළි ජීවය ලැබීමේ පුවත වෛද්‍යවරුන් තහවුරු කර ඇත්තේ

සැමී බර්කෝ නම් 16 හැවිරිදි වියේ පසුවන එම තරුණයා හෘදයාබාධයක් ඇති වීම හේතුවෙන් රෝහල් ගත කෙරුණා.

විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ තරුණයා ජීවත්වන බවට දැන ගැනීමෙන් වෛද්‍යවරු විමතියට පත් වූ බවයි.

The post වෛද්‍යවරු පුදුම කරමින් මිය ගිය තරුණයෙකුට පැය දෙකකට පසු පණ එයි first appeared on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/zHfuCPM
via IFTTT
أحدث أقدم

Top Post Ad


උණුසුම් පුවත්.