නේපාලයේ භූ කම්පන දෙකක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
පළමු භූ කම්පනයය රික්ටර් මාපකයේ ඒකක 4.8ක ප්‍රබලත්වයකින් යුතු බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
ඉන් පැය දෙකකට පමණ පසු රික්ටර් පරිමාණයේ ඒකක 5.9ක ප්‍රබලත්වයකින් යුතුව දෙවන කම්පනය හටගෙන ඇති බව මාධ්‍ය වාර්තා වැඩිදුරටත් පවසයි.
භූ කම්පනය නේපාලයේ දිස්ත්‍රික්ක රැසකට දැනී ඇති අතර සුළු පසුකම්පන තත්වයක්ද වාර්තා වී තිබේ.
ඉන් සිදුවු ජිවිත හෝ දේපළ හානි සම්බන්ධයෙන් මෙතෙක් නිශ්චිත තොරතුරු වාර්තා වී නොමැති බව විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කළේය.
The post නේපාලයේ භූ කම්පන දෙකක් first appeared on TODAY NEWS LK.
from TODAY NEWS LK https://ift.tt/OH0RkG9
via IFTTT


