Loading..

ඇමති ටිරාන්ගෙන් අජිත් රෝහණට අභියෝගයක්

නියෝජ්‍ය පොලිස්පතිවරුන් හත් දෙනකු ස්ථාන මාරු කිරීම සම්බන්ධයෙන් පසුගියදා නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා විසින් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාට විරෝධයක් පලකරනු දැකගත හැකි විය.

එහිදී අජිත් රෝහන මහතා විසින් පවසා තිබුණේ අමත්‍යවරයා විසින් එක් නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු රැකගැනීම සඳහා මෙලෙස නියෝජ්‍ය පොලිස්පතිවරුන් හත් දෙනකු ස්ථාන මාරු කර ඇති බවයි.

ඒ අනුව එම ප්‍රකාශය අරඹයා මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා, අජිත් රෝහන මහතාට අභියෝග කරමින් තමා විසින් රකින නියෝජ්‍ය පොලිස්පති වරයා කව්රුන්දැයි පැහැදිලි කළ යුතු බවට පවසා සිටි.

එමෙන්ම ස්ථාන මාරු කිරීමට කටයුතු කළේ සේවා අවශ්‍යතාවය මත බවත් කිසිදු නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු ආරක්ෂා කරගැනීමේ උවමනාවක් නැති බවද පැවසීය.

අජිත් රෝහණ මහතා වෙනත් නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු ගැන එසේ පවසන්නේ නම් ඔහු කවුදැයි නම සමගින් සඳහන් කලයුතු බවට ඇමතිවරයා එහිදී අභියෝග කරන ලදී.

The post ඇමති ටිරාන්ගෙන් අජිත් රෝහණට අභියෝගයක් first appeared on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/7QClPdY
via IFTTT
أحدث أقدم

Top Post Ad


උණුසුම් පුවත්.