මිහින්තලය ප්‍රදේශයේ නිවසක සිටි කාන්තාවක් දූෂණය කර මරා දමා ඇති බව පොලීසිය පවසයි .
ඊයේ (29) දහවල් කාලයේ මිහින්තලය පොලිස් වසමේ දොරමඩලාව ප්‍රදේශයෙන් එම සිද්ධිය වාර්තා වී ඇත.
මරණකාරිය තම මව සමග නිවසේ පදිංචිව සිට ඇති බවත් මව අසල නිවසක කුලී වැඩක් සඳහා ගොස් සිටියදී අසල නිවසක පදිංචි පුද්ගලයෙකු නිවසට පැමිණ අදාළ කාන්තාව දූෂණය කර ඝාතනය කර ඇති බවට විමර්ශනයේදී අනාවරණය වී ඇත.
ඝාතනයට ලක්ව ඇත්තේ තුන් වන පියවර ,දොරමඩලාව, මිහින්තලේ ලිපිනයේ පදිංචි හේරත් මුදියන්සේලාගේ ශ්‍රියානි විජේසිංහ (49) නැමති ආබාධ සහිත අවිවාහක කාන්තාවකි.
නිවසේ ඇඳක් මත තිබු ආබාධිත කාන්තාවගේ අඩ නිරුවත් සිරුර හමුවු බව පොලිසිය කියයි. මියගිය අයගේ සිරුරේ කිසිදු කැපුම් තුවාලයක් හෝ වෙනත් බාහිර තුවාලයක් දක්නට නොලැබුණ බවත් පොලිසිය පැවසිය. ඒ අනුව මෙම ඝාතනය ගෙල මිරිකා සිදුකළ මරණයක් බවට පොලිසිය සැකපල කරයි.
ඝාතනය සිදුකළ සැකකරු යුද හමුදාවේ වසර කිහිපයක් සේවයේ නිරතව සිට පලා ආ අයෙකු බව පොලිසිය කියයි.
The post අවිවාහක ආබාධිත කත දූෂණය කර මරා දමලා! සැකපිට හිටපු හමුදා සෙබළා අත්අඩංගුවට! first appeared on TODAY NEWS LK.
from TODAY NEWS LK https://ift.tt/hCu0qa5
via IFTTT


