Loading..

ඉදිරි දින තුන තුළ කාලගුණයෙහි සිදුවන වෙනස්වීමක් සම්බන්ධයෙන් දැනුම්දීමක්

දිවයිනට බලපෑ ඇති පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය ඉදිරි දින තුන තුළදී අඩුවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එමෙන්ම දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද සවස් කාලයේ හෝ රාත්‍රි කාලයේ මිලිමීටර 100 ඉක්මවූ ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු අපේක්ෂා කරන බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.

ඒ අනුව බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවලට මෙලෙස තද වැසි ඇතිවිය හැකියි.

මේ අතර බදුල්ල දිස්ත්‍රික්කයේ හල්දුම්මුල්ල, කෑගල්ල දිස්ත්‍රික්කයේ කෑගල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට සහ මහනුවර දිස්ත්‍රික්කයේ උඩපළාත යන ප්‍රදේශවලට නායයාම් පිළිබඳ පූර්ව අනතුරු ඇගවීම් නිකුත් කර තිබෙනවා.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නිවේදනය කළේ, එම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පිහිටි කදුකර, බෑවුම් හා ඒ ආශ්‍රිත ප්‍රදේශවල ජීවත්වන ජනතාව මේ පිළිබඳ අවධානයෙන් පසුවිය යුතු බවයි.

The post ඉදිරි දින තුන තුළ කාලගුණයෙහි සිදුවන වෙනස්වීමක් සම්බන්ධයෙන් දැනුම්දීමක් first appeared on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/pmwFMnk
via IFTTT
أحدث أقدم

Top Post Ad


උණුසුම් පුවත්.